නිරෝශන් ප්‍රේමරත්න ගරු මන්ත්‍රී තුමා
පි - ව්‍යපාර කරන්න මුදල් ඕන කියල එකක් නෑ. ඒ කියන්නෙ ව්‍යපාර concept එක තමා වැදගත් වෙන්නෙ...
ප්‍ර - මේ යන විදිහට ආයෙත් ව්‍යපාරයක් පටන් ගන්න තවත් කෝටි තුනක් විතර ඕන වෙනව.
පි - නෑ. ඒ කියන්නෙ මම මේක අතඇරල දැම්මොත් ඉවරයි.
ප්‍ර - දැන් ඔබතුමා කියන විදිහට අර ඉඩම බැංකුවට සින්න වෙයි නේද?
පි - මන් මේ ගෙවපු විදිහ තමයි කිව්වෙ. මාස හයකින් රෙන්ට් එක ගෙවන්න බැරි උනා. එතකොට රෙන්ට් එක ගෙවන්න ඕන, කවුරු හරි බිස්නස් එකක් වුනාමනෙ. එතකොට බිස්නස් එකේ එනටික බැංකුවට ගියා. එතකොට බැංකුව ලෝන් එක කපා ගත්ත. ලෝන් එක කපා ගත්තයින්, suppliers ට ගෙවන්න බැරි උනා අපිට. Building එකේ rent එක ගෙවන්නත් බැරි උනා. මාස හයකින් buiding එකේ rent එක ගෙවල නෑ. මේ තියෙන්නෙ lawyer එවපු ලියුම. බලන්න පුළුවන්.
ප්‍ර - නෑ. මම ලෝන් එක ලැබුණ විදිහ නෙමෙයි අහන්නෙ. අච්චර ප්‍රමාණයක් ඔබ ගෙවන්නෙ කොහොමද?
පි - නෑ. වාරිකයෙ වෙනසක් වෙන්නෙ නෑ. එතකොට මම හත් ලක්ෂ ගානක් මේක ගෙවන්න ගත්ත එකක්. මගේ ව්‍යපාරයක් තිබුන සෙල්ලම් බඩු ව්‍යපාරයක් කරගෙන ගියා. මගේ වෙබ් සයිට් දෙකක් තිබුන. දැන් ඉන්ස්ටන්ට් ආර්ටිකල් නැති නිසා ලංකාවේ ඒකෙන් මුදල් එන්නෙ නෑ. මේ වෙබ් සයිට්ස් වලින් සල්ලි ආව. ඊට අමතරව මගේ ප්‍රඩක්ශන් හවුස් එකක් තිබුන. නිශ්පාදන, ඒ කියාන්නෙ සාමාන්‍ය කමර්ෂල්ස් එහෙම නිශ්පාදනය කරන ඒව තිබ්බෙ. මේව බලල තමයි බැංකුව දන්නෙ. බැංකුවට ගියහම ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන් කොහොමද ලෝන් එක ගත්තෙ කියල.
ප්‍ර - ඒව තුල බැංකුවේ ඔබ ගත්තු ප්‍රමාණයට වාරිකය වෙනසක් වෙන්නෙ නෑනෙ?
පි - බැංකුවකින් ලෝන් එකක් ගන්න විදි ගනනාවක් තියෙනව. ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් බැංකුවට දීල, ඒ ප්‍රොපෝසල් එකට අනුව ලෝන් එකක් ගන්න පුළුවන්. එහෙම නැතුව වෙන වෙන ලෝන් ගන්න ඒවත් තියෙනව. මම ගත්තෙ ව්‍යපාරයක් ආරම්භ කරන්න. එතකොට ඒ ව්‍යයාපාරය ආරම්භ කරන විදිහ විශ්ලේෂණාත්මකව බැංකුවට දීල තියෙනව. අපේ අරමුණ කුමක්ද, කොයි විදිහටද මේක ක්‍රියාත්මක කරන්න යන්නෙ, කොයි විදිහටද ලාභදායි කර ගන්න බලාපොරොත්තු වෙන්නෙ, අපි එක භාණ්ඩයකින් කොච්චර ප්‍රසන්ටේජ් එකක් තියෙයිද, එතකොට කොච්චර විකුණුවමද කොච්චර ආදායමක් එන්නෙ, මේ ආදායම කොහොමද කියල.
ප්‍ර - ඔබ ලක්ෂ 15ක් ගෙවන්නෙ කොහොමද, දෙලක්ශ හතලිස් දහක පඩියක් අරගෙන?
ඉහත ප්‍රශ්න හා පිළිතුරු පිළිබඳ ඔබට හැගෙන්නේ කුමක්ද? නැවත පහල සිට ඉහලට කියවල බලන්න.
දැන් කුමක්ද හැගෙන්නෙ? වෙනසක් තියෙනවද?
මේ ප්‍රශ්න හා පිළිතුරු හිරු ටීවී එකේ සළකුණ වැඩසටහනේ ඒව. නිවැරැදි පිළිවෙල පහල සිට ඉහලට.
අහන එක ප්රශ්නයකටවත් පිළිතුරක් නෑ. ඒත් ජවිපෙ සම්බන්දව ඉතා වැදගත් කාරණා කීපයක් මතු කලා. ඒවා පහත පරිදියි.
# ජේවීපීට අම්මලගෙ කදුලු කියන්නෙ වටිනාකමක් නෑ. මම දන්නව. අම්මල කී දාහක් මේ රටේ ඇඩුවද ජේවීපී නිසා. ඒව වටිනාකමක් නෑ. හැබැයි අපේ අම්මගෙ කදුලු...
# ප්රභාකරන් උතුරෙ සම්පූර්ණයෙන් අමුතු විදිහකට කරගෙන ගියා මනුෂ්‍ය ඝාතන වගේම ත්‍රස්තවාදය. ඊට පස්සෙ දකුණට ටිකක් මෙහාට එතකොට මිනිස්සු පොළවෙ ගහල මරන කැත්තෙන් ගහල, උදැල්ලෙන් ගහල, අලවංගුවෙන් ඇනල මරණ සීමවට ආව. ජේවීපීත් ඊට නොදෙවෙනි මහා නරක විදිහෙ ඝාතන රැල්ලක් රටතුළ ක්‍රියාත්මක කරගෙන ගියා.
ඕනෑම කෙනෙක් සමග විවාදයකට ලැහැස්ති බවට උදම් ඇනූ මොහු, තමාගැන ඇසූ ප්‍රශ්න නොඇසුනු ගානට ඉදල ජේවීපී එකේ පලු ඇරල පැය එකා මාරක් රූපවාහිනීයෙ කියෙව්ව. තාමාගෙ නිර්දෝශී භාවය ඔප්පු කරන්න ගිහින් හත්පොලේ ගා ගත්ත කියන එක තමයි, කාට උනත් පේන්න තියෙන්නෙ.